tag:blogger.com,1999:blog-7005994776118357763.post4344872389615116284..comments2014-10-27T06:55:28.514+05:30Comments on නිදහස් අදහස් - Expressed-Free: හරියට ඇලවූ වැරදි ස්ටිකරයප්රියන්ත වීරසිංහhttp://www.blogger.com/profile/06157379351974034620noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7005994776118357763.post-66657240743256283792011-05-11T15:04:13.236+05:302011-05-11T15:04:13.236+05:30මුළු ලිපියම කියෙව්වා. මගේ කතාවෙත් මේ වාගේම ආරකටයි ...මුළු ලිපියම කියෙව්වා. මගේ කතාවෙත් මේ වාගේම ආරකටයි යන්නෙ. වෙනසකට තියෙන්නෙ මම උපන්නෙ 1983.
මම ගමේම ඉස්කොලෙට ගියේ කෑ/මාව/ඉළුක්ගොඩ ප්‍රාථමික විද්‍යාලය. (කෑ/මාව යනු කෑගල්ල, මාවනැල්ල යන්නයි.)Gayanhttps://www.blogger.com/profile/01184003702568837266noreply@blogger.comtag:blogger.com,1999:blog-7005994776118357763.post-52498903886317568992010-08-22T10:45:16.611+05:302010-08-22T10:45:16.611+05:30හිතවත් සහෝදරයා, මුලින් ම ඔබේ බ්ලොග් අඩවියට ගොඩ වැද...හිතවත් සහෝදරයා, මුලින් ම ඔබේ බ්ලොග් අඩවියට ගොඩ වැදුනේ මීට දින දෙකකට විතර පෙර. එදා මම කොමෙන්ට් එකකුත් ලිව්වා. අද වඩා විවේකීව ගොඩ වැදුනේ මා කිය වූ ලිපිය අනුව ඔබ වඩා වැදගත් යමක් මුල් ලිපිවල ලියා ඇත යන විශ්වාසයෙන්.

මම ඉතාම සතුටු වෙනවා නැවත ඔබේ අඩවියට පැමිණීම ගැන. ඔබේ ලිපි වැඩිප්රමාණයක් කියෙව්වා. එයින් වඩාත්ම සිත් ගත් ලිපිය වුණේ 'හරියට ඇලවූ වැරදි ස්ටිකරය' නම් ලිපිය. ඒ ඔබ කතා කරන බොහෝ දේ හරියටම මාගේ ළමා කාලයේ අත්දැකීම් හා බරපතල ලෙස සමාන නිසා. ඔබ කතා කරන පාසැල, එහි ගුරුවරුන්, ශිෂ්‍යයින්, වැව සිංහල දෙමළ සම්බන්ධතාවය මේ හැම එකක් ම මගේ අත් දැකීම් හා සමානයි. වෙන එකක් තබා ඔබ සහ මා පැසැලට ඇතුලත් වූ වසර ද එකමයි. ඒ 1976. :). මගේ පාසැලේ නම අම්/කිවුලේගම විද්‍යාලය. අම් කියන්නේ අම්පාර දිස්ත්‍රික්කය දැක්වීමට. එකම එක වෙනසක් තියෙනවා. ඒ ඔබ ඔබ කතා කරන පාසැල දකින්නේ පිටතින් එහි ගිය පාසැලේ ගුරු පවුලක දරුවෙක් හැටියට. මම එය දකින්නේ එම පාසැල පිහිටි ගමේම සාමාන්‍ය පවුලක දරුවෙකු ලෙස.

දෙවෙනි වැදගත් කරුණ නම් ඔබේ ලිවීමේ දක්ෂතාවයයි. ඔබ ඉතාම දක්ෂ ලෙස සහ සරලව අඛණ්ඩ ගලා යාමක් ඇතිව ලියා තිබෙනවා. මා කරුණාවෙන් ඉල්ලන්නේ ඔබේ අත් දැකීම් ඉදිරියේ දී ලියනවිට දවසක පොතක්/ලිපි එකතුවක් හැටියට පළ කරන අදහස ඇතිව ලියන්න කියායි. ඒ අත්දැකීම් ඒ තරම්ම උසස්. උදාහරණයකට මෙහෙම හිතන්න. ඔබ කතා කරන කලාපයේ අධ්‍යයාපන ඉතිහාසය හෝ සිංහල දෙමළ සම්බන්ධය ගැන ලියන්න යම් කෙනෙක් උත්සාහ කරනවා නම් ඔහුට හෝ ඇයට මූලශ්‍රයන් වන්නේ මොනවා ද? රජයේ වාර්තා හෝ දේශපාලනික වුවමනා පෙර දැරි කරගෙන ලියන ලද ලේඛන. ඒත් හිතන්න ඔවුන්ගේ එම ලේඛන වලින් ඔබේ පියාගේ, මවගේ අත්දැකීම් කොතරම් නම් වෙනස් වෙයි ද කියා? ඔවුන්ගේ අත්දැකීම් ඔවුන් ප්‍රකාෂ කරන්නේ කිසියම් වෙනත් අපේක්ෂා ඇතිව නොවෙයි. ඇත්තවශයෙන් ම තිබුණු තත්ත්වයන් කියා පෑමටයි. ඒත් බොහෝ දුරට ඒවා ලියැවෙන්නේ නෑ නේ ද? ඔවුනුත් සමඟ ඒ දැනුම මිය යනවා නේ ද? අඩු තරමේ ඔබ වත් ඒවා ලියා තැබුවොත්...

මගේ අත්දැකීම් පෙරදැරි කරගෙන ලියන ලද දෑ ඔබේ අවධානයට ලක්වෙනවා නම් සතුටුයි. එයින් මේ ලිපිය මගේ හිතේ තදින්ම කාවදුණු එක් අත්දැකීමක් ගැනයි. http://pitastharayablog.blogspot.com/2010/03/blog-post_15.html
ඉතා සංයමයෙන් භාෂාව හසුරවන ඔබ සමහරවිට මගේ භාෂාව හා එකඟ වෙන එකක් නෑ. නමුත් සමහර සිදුවන දෑ ගැන ඇති තද බල අකමැත්ත නිසයි එහෙම ලියැවෙන්නේ.
මම දිගටම ඔබේ ලිපි කියවනවා.පිටස්තරයා-2https://www.blogger.com/profile/14257684430339399873noreply@blogger.com