වරක් මගේ මිත්‍රයෙක් පුහුණුවක් සඳහා ජර්මනියට ගියේ ය. එහිදී , පුහුණුව දුන් ආයතනයෙන් පිරිනැමූ භෝජන සංග්‍රහයකට සහභාගිවන අතරතුර, මගේ මිත්‍රයා ලංකාවෙන් පැමිණි අයකු බව දැන ගත් ඒ ජර්මානු ආයතනයේ සේවය කරන අයෙක් තමාත් ලාංකිකයකුව උපත ලද බවත්, කුඩා කල ජර්මන් ජාතික යුවලක් විසින් හදා වඩා ගැනීමට ජර්මනියට ගෙන එනු ලැබූ බවත් මා මිත්‍රයාට පැවසීලු. ඔහු එසේ පවසන තෙක් ඔහු හා භෝජන සංග්‍රහයට සහභාගි ව සිටි, දිගු කලක් තිස්සේ එකම කාර්යාලයේ වැඩ කළ ඔහුගේ සගයන්වත් ඒ බැව් දැන සිට නැත. මේ කතාව මා හා පැවසූ මගේ මිත්‍රයා කීවේ ලංකාවෙ එහෙම වුනානම් කොහොමද මචං කියා ය. ඇත්තටම ලංකාවේ කාර්යාලයක වැඩට අද අළුතෙන් කෙනෙක් ආවොත් හෙට වෙන විට ඔහුගේ නම- ගම, ඉගෙනගත් ඉස්කෝලය, අම්මාගේ තාත්තාගේ නම් ගම්, රැකියාව, කුලය, අයියලා නංගිලා ඉන්නවද, ඔවුන් විවාහක ද, දරුවන් සිටීද ආදී එකී නොකී හැම විස්තරයක්ම කාර්යාලයේ අනික් අය සොයා දැනගෙන අවසන් ය. ඉනුත් නොනැවතී කලින් වැඩ කළ තැන් වල අය සහ දන්නා අඳුනන අය මගින් ඒ විස්තර වල සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගන්නට තරම් උනන්දු වන අය ද හිඟ නො වේ.
අපේ මිනිස්සු අනුන්ගේ කටයුතු ගැන සොයා බැලීමට සූරයෝ ය. තමන්ගේ කටයුතු තිබියදී අනුන්ගේ කටයුතු ගැන ගැන සොයා බැලීමට ඔවුනට ඇති තරම් කාලය ඇත. තමන් නොපිළිපදින වැදි බණ අනුන්ට දෙසීමට ද, අනුන්ගේ පවුල් ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න ගැන අනාරාධිතව සොයා බැලීමටද ඔවුනට එපමණම කාලය තිබේ.
කාර්යාලයක තරුණියක විවාහ නොවී සිටින්නේ නම් ඇය විවාහ වන තෙක් ඔවුනට ඇයගේ අම්මාට හා තාත්තාටවත් නැති කැක්කුමක් ඇත. උදේටත්, දවාලටත්, හවසටත්, බස්එකේ දී මුණ ගැහුණත් ඇගෙන් අහන්නේ දැන් ඉතින් කාලෙ හරි නේද? කවදද අපිට කේක් දෙන්නේ කියා ය. මේ මළ කරදරයෙන් මිදෙන්නට නම් තමන් කැමති වුණත් නැතත් ඈ මොකෙක් හරි මිනිහෙක් එක්ක විවාහ විය යුතුම වේ. එහෙම නොකළොත් ඇයට වුරුදු 35 -40 ලබන විට අර මුලදී මූණටප්‍රශ්න ඇසූ කාණ්ඩය මුළු මුළු වල, දී කැන්ටිමේ දී රැස් වූ විට ඇයට රහසින් මේ බරපතල අන්තර්ජාතික ගැටළුව සාකච්ඡාවට භාජනය කරන්නට පටන් ගනිති.
කොහොමින් කොහොම හෝ ඒ තරුණිය විවාහ වූවොත්එ යින් අවුරුද්දක් ගත වන විට ම මේ අසල්වැසි කොමියුනිටියේ දැවෙන ප්‍රශ්නය වන්නේ ඇගේ පළමු බබා පිළිසිඳගැනීමයි. "තාම නැද්ද...." කියා උදේත්, දවලුත්, හවසත් අහන්නට පටන් ගනිති. දැන් ඉතින් තමන් කැමති වුණත් නැතත්, තමනට කෙතරම් පෞද්ගලික දුෂ්කරතා තිබුණත් මොවුන්ගේ කරදරයෙන් ගැලවීමට කොහොම හරි දරුවෙක් හදා ගත යුතු වේ. ඊට පසු දරුවා බලා ගැනීමට, ලෙඩට දුකට බැලීමට, මොන්ටිසෝරි යැවීමට, ඉස්කෝලෙ දැමීමට ආදී වශයෙන් මිලියනයකුත් එකක් ප්‍රශ්න ඇති වුණත් බබා පිළිසිඳගන්නකම් ඇලපතට ඇන ඇන දින ගනිමින් සිටි අර උන්දැලාගෙන් කවරෙක්වත් අබ මල් රේණුවක තරමින් හෝ ඒවාට පිහිටක් වුණොත් නම් ඒ ලෝක පුදුමයකි. ඔවුන්කළොත් කරන එකම දෙයනම්, බබාට මාස තුනක් පමණ වන විට කීයක් හෝ කලෙක්ෂන් එකක් දා ගෙන බේබ් සෝප්, පවුඩර් පැක් එකක් මිලට ගෙන කට්ටියම බබා බැලීමට යාමය. ඉපදී ටික කලක් යන තෙක් කොයි ළදරුවාත් පෙනුමින් බොහෝදුරට එක වගේ වුණත් තොටිල්ලේ නිදන පොඩි එකාගේ මූණ හරියට දකින්නත් කලින්ම හානේ තාත්තා වගේමයි කියමින් කාමරයට ඇතුළු වන ඒ නඩය දරුවාගේ නහය, ඇස් දෙක, කන් දෙක සහ කට අම්මාටත් තාත්තාටත් බෙදා දී පසුදා කාර්යාලයට ඇව්ත් රහස්‍ය යාකච්ඡාවක් තබා ප්‍රසිද්ධියට පත් කරන්නේ අපොයි පොඩි එකා කලුම කලුයි මිනිහගේ පාටක්නම් ගෑවිලාවත් නෑ කියා ය.
කාර්යාලයේ පිරිමියෙක් ගෑනියෙක් එක්ක ටිකක් වැඩිපුර කතා කළොත් අසල්වැසි කොමියුනිටියට වැඩ වැඩි වේ. කතා කරන වෙලාව වාර ගණන ගැන ලොග් සටහන් තැබීමටත් හොරෙන් කන් දික් කරගෙන අහන් ඉඳීමටත්, තම තමන් අතර අප්‍රමාදව ඒ තොරතුරු හුවමාරු කර ගැනීමටත් සිය රාජකාරි කටයුතු පසෙක ලා වහා කැප වෙති. ඒ දෙදෙනා විවාහකයන් නම් ඔවුන් අතර නොමනා සම්බන්ධයක් ඇති වුණොත් දරුමල්ලන්ට යන කල දසාව ගැන ඔවුන්ගේ විවාහක කලත්‍රයන්ටත් වඩා මේ කොමියුනිටිය දැඩි ලෙස අකම්පාල වෙති. සැබෑවටම පිහිටක් අවශ්‍ය කෙනෙකුට රුපියල් සියයකින්වත් උදවුවක් දීමට සිදු වුණොත් ඇඟිලි ඇට කඩමින් පැත්තකට වන නමුත් මේ වන්නට යන මහා සමාජ අපචාරය වළකාලීම පිණිස වූ සත් කාර්යයයේ දී නම් අතින් හාෆ් ඩේ දාගෙන, පෙට්‍රල් පුච්චගෙන, ටෙලිෆෝන් බිල් දරාගෙන ඉදිරිපත් වෙති. එහෙත්, මේ සමාජ ශෝධකයන් සියල්ලන්ගේමත් කිල්ලෝට ඇර බැලුවොත් ටික ටික නොව සමහර විට කට ළඟට පිරෙන්නට ම හුණු තිබේ. බොහෝ විට මොවුන්ගේ හවුල් ව්‍යාපාරයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ඇත්තටම නොතිබූ ප්‍රශ්නයක් ඇති වී ජීවිත ගණනක් අඳුරට වැටීම පමණි.
අපේ සමාජයේ පවත්නා මේ අනුන්ගේ වැඩ වලට බුලත් නොලබාම හොට දැමීමේ ගුණය නිසා අවුල් වු ජීවිත ගැන කවුරුන් හෝ සංගණනයක් කර තිබේ දැයි නොදනිමි. කළොත් ප්‍රතිඵල වන සංඛ්‍යාව නම් සුළු විය නොහැක. වඩාත් කණගාටුවට කරුණ නම් මේ හොට දමන්නන්ගෙන් බහුතරය අනුන් කළ නොකළ දේ සෙවීම නොව තමා කළ නොකළ දේ සෙවීම ම වඩා වැදගත් බව දේශනා කළ ශ්‍රේෂ්ට ශාස්තෘවරයෙකුගේ අනුගාමිකයන්යැයි කියාගන්නා උදවිය වීමයි. අපේ සමාජයේ සුලබව සිටින මෙවැන්නන් උපහාසයට ලක් කරමින් ෆ්‍රෙඩී සිල්වා ගැයූ ගීයෙහි දී, තමන්ගේ නැටුමට අනවශ්‍ය ලෙස හොට දැමූ කෑඳැත්තාගේ බෙල්ලෙන් අල්ලා සෙලවූ පාන්කිරිත්තා ඌට පවසන වැකියෙන් මේ කෙටි සටහන අවසන් කරමි. "අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර කර ඉන්නවට වඩා - තමන් දන්නදේ හරියට කරපන් කියලා කීය හඩා"
එසේම, .සමාජයේ ප්‍රගමනය උදෙසා අපගේ සමාජයේ කෑඳැති ප්‍රතිපත්තිය පිළිබඳ කතිකාවතක් ඇති වීම කාලෝචිත යැයි ද සිතමි.