ඔබ මා හමු වුණ මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
තනියට මගෙ ළඟ ඉනු මැනවි
තනියට මගෙ ළග ඉනු මැනවි
ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ළය පිබිදී පර වූ පෙම් මල//
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි
කදුළ සුසුම නොහෙළා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කළ හැටි//
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවි
ඔබ මා හමු වුණ....
අප හමු වූ දා මගේ සිතෙහි ඔබ කෙරෙහි ඇති වූ ආදරය කිසිවෙකුට හෙළි නොකර සිතෙහි සඟවා ගෙන සිටියා. අපේ ආදරය නිසා හෙළන්නට වු කඳුළු, සුසුම් අපි නොහෙළා සිර කරගෙන සිටියා. කිසි දිනෙක හමු නොවන මිරිඟු සයුරක් බව දැන දැනත් අපි අපේ ආදරය සොයා පිය මැන්නා. සැබෑ භෞතික ලෝකයේ අපට ගතින් එක්ව ඉන්නට නොහැකි වුණත් මා මිය ගිය දින හෝ ඔබ මගේ තනියට මා ළඟට එන්න.
සුනිල් ආර්. ගමගේ ගේ මේ සංවේදී පද රචනය ගුණදාස කපුගේගේ අපුර්ව සංගීත සංයෝජනයෙන් ගැයුවේ කරුණාරත්න දිවුල්ගනේ
(පද රචනය සහිත jpeg ගොනුව උපුටා ගැනුණේ "අනං මනං" වෙබ් අඩවියෙන්)